May 14, 2024

“හරීන්ගේ ගූගල් බැලුමේ අගය දැනෙන්නේ දැන්” - ආණ්ඩු ප්‍රබලයෙකු කියන කතාව

යහපාලන රජය සමයේ ඩිජිටල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගූගල් සමාගම සමඟ එක්ව මෙරට අත්හදා බැලීමකට ලක් කළ ගූගල් ලූන් (Google Loon) ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඊයේ (08) දිනයේ දී පාර්ලිමේන්තුවේදි සිහි කර සිටියා.

එහිදී අමාත්‍යවරයා විසින් පවසා සිටියේ මෙරට අන්තර්ජාල පහසුකම් සහිත පාසල් ප්‍රමාණය 3781ක් බවයි. තවත් පාසල් 651ක් සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් යන බවද එහිදී අමාත්‍යවරයා පවසා සිටියා.

අධ්‍යාපන අමාත්‍යංශයට දුරකථන සංඥා වැඩි කිරීම සඳහා කුළුණු ඉදි කිරීමට නොහැකි බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒවා අදාළ සමාගම් විසින් සිදුකළ යුතු බවයි.

එහිදී පසුගිය රජය මඟින් ක්‍රියාත්මක කළ ගූගල් ලූන් බැලුම් පිළිබඳව අමාත්‍යවරයා පවසා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ මෙම බැලූන් ව්‍යාප්තිය සාර්ථක වේවියැයි තමන් ඇතුළු සියලු දෙනා බලාපොරොත්තු වී සිටි බවයි.

“ඔබතුමාලාට මතක ඇතිනේ ගූගල් බැලූන් එකක් උඩට ඇරියා.. අපි විශාල බලාපොරොත්තුවකින් හිටියා ඒ කාලේ මේ බැලූන් එක හරහා ක්ලවුඩ් සිස්ටම් එකකට ගිහිල්ලා මුළු රටම වයිෆයි වෙයි කියලා..” යැයි එහිදී සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පවසා සිටියා.

යම් යම් තාක්ෂණික හේතුන් නිසා එම ක්‍රමවේදය සාර්ථක නොවුණු බව අමාත්‍යවරයා පවසා සිටි අතර එහි අගය දැනෙන්නේ දැන් බවයි.

එම ව්‍යාපෘති එදා සිදුවී තිබුණා නම් අද වෙන විට අන්තර්ජාල පහසුකම් ප්‍රශ්නයක් නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (08) දිනයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදීය.

Rate this item
(2 votes)

Related items