May 16, 2024

බැසිල්ගේ නව ගමනට දයාසිරිගෙන් තෑග්ගක්

බැසිල් රාජපක්ෂ මහතාගේ නව ගමනට සුබ පතා තමා පඬුවස්නුවරින් අද (08) තෑග්ගක් ලබා දුන් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරන්නේ.

ශ්‍රී.ල.නි.ප - එ.ජා.ප එකමුතුව

ඒ පුරප්පාඩුව තිබූ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය තමන්ගේ මැදිහත්වීමෙන් ශ්‍රී.ල.නි.පයේ , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී පිරිසගේ සහායෙන් පත් කිරීමට හැකි වීමයි.

බැසිල්ට තෑග්ගක් හැටියට දෙන්න කැමතියි

තමන් පුරප්පාඩුව තිබූ පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති ධුරය සඳහා සුදුස්සෙකු පොහොට්ටුවෙන්ම තෝරාගෙන ඔහුට ශ්‍රී.ල.නි.පයේ , එජාපයේ සහාය ලබාදී ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට පත් කළ බව සඳහන් කරන ශ්‍රී.ල.නි ප මහ ලේකම්වරයා එය අද (8) නව අමාත්‍යවරයෙකු සහ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතාට ලබා දුන් තෑග්ගක් ලෙස හැඳින්වීමට කැමති බවයි.

ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතා පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව අයිති කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙක් මෙන්ම රාජ්‍ය ඇමතිවරයෙක් වන අතර පසුගිය දින කිහිපය පුරාම ආණ්ඩුවේ අමාත්‍යධූර නිර්මාණය කිරීම ඇතුළු කටයුතු වලට බැසිල් රාජපක්ෂ මහතා කළ දායකත්වය ප්‍රසිද්ධියේම විවේචනය කළේ ඔහු නිර්මාණය කළ අමාත්‍යධූර විහිලු සහගත අමාත්‍යධුර ලෙස හඳුන්වමින්.

ඊට බැසිල් රාජපක්ෂ හිතවාදී පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්  සාගර කාරියවසම් හා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා යන මහත්වරුන් ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ අමාත්‍යධුර විහිළු සහගත නම් දයාසිරි ජයසේකර මහතාට ඔහු දරන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.

Rate this item
(5 votes)
Last modified on Thursday, 08 July 2021 20:00