May 12, 2024

තවත් රාජපක්ෂවරයෙක් ඇතුළු දෙදෙනෙකු රාජ්‍ය ඇමති ධූරවල දිවුරුම් දෙයි

රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධන සිදුව තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ දිවුරුම් දෙනු ලැබුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මොවුන් දිවුරුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේ දී යි.

ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබෙනවා.

මොහාන් ද සිල්වා මහතා දිවුරුම් දුන්නේ වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යි.

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 08 July 2021 18:16

Related items