May 15, 2024

"අපි ශ්‍රී ලංකා" අයිතියට ගැටේ : ඒක අපේ - දයාසිරි : නැහැ ඒක මගේ - වෙල්ගම

සමගි ජන බලවේගය නියෝජනය කරන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා "අපි ශ්‍රී ලංකා" නමින් පක්ෂයක් ලියාපදිංචි කිරීමට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් සිය විරෝධය දක්වා තිබෙනවා.

එම පක්ෂයේ මහ ලේකම් ජයසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසම වෙත ගොස් මෙම විරෝධය දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

කරන වැඩේ කැතයි

ශ්‍රී.ල.නි.පයේ නම අවභාවිතා කරමින් ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන් නොමඟ යවමින් ඔවුන්ව ව්‍යාකූලත්වයට පත් කරමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිසමේ අනුමැතියට ඉදිරිපත් කොට තිබෙන බවයි ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී.ල.නි.ප යේ නම හෝ ඊට සමාන නමක් භාවිතා කිරීමට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට අයිතියක් නැති බවයි දයාසිරි ජයසේකර මහලේකම්වරයා අවධාරණය කරන්නේ.

නීති විරෝධී වැඩක්

එය නීත්‍යානුකූලව වැරදි කටයුත්තක් බැවින් ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රී.ල.නි.ප යේ විරෝධතාවය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඉදිරිපත් කළ බව මහලේකම්වරයා හෙළිදරව් කරනවා.

"අපි ශ්‍රී ලංකා" නමින් නව පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු නීත්‍යානුකූල ගැටළුවක් නැති බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මීට ටික දිනකට පෙර නව පක්ෂය පිහිටුවීම පිළිබඳව ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

"අපි ශ්‍රී ලංකා" අයිති පාර්ශවය

එම සාකච්ඡාවේදී "අපි ශ්‍රී ලංකා" නමින් ශ්‍රී.ල.නි.පය මුල් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යම් අංශයක් තිබෙන බැවින් එම නමේ අයිතිය තිබෙන්නේ එ.ජ.නි.සයට නොවේදැයි කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු
දෙමින් වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේ ඒ නමින් සමාගම් මැදුරේ වෙනත් ආයතනයක් ලියාපදිංචි කොට තිබෙන බැවින් එහි අයිතිය තිබෙන්නේ ලියාපදිංචි කළ පාර්ශ්වයට බවයි.

එනිසා තමන් එම නම ලබා ගනු ලබන්නේ එම පාර්ශ්වයෙන් බවයි වෙල්ගම මන්ත්‍රීවරයා හෙළිදරව් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 July 2021 16:03

Related items