May 15, 2024

ගෙදර නෝනාවත් ගණන් ගන්නේ නැති කතා කියන ඇමති ගැන අනුර කියයි

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පවසන දේවල් ඔහුගේ බිරිඳ පවා ගණන් නොගන්නා තත්ත්වයක් ඇති බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පවසා සිටියා.

එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් පවසා සිටියේ “බන්දුල ඔයා මොනවද නොකිව්වේ? මේ බන්දුල අපිට කිව්වා දෙදහස් පන්සියෙන්  කන්න පුළුවන් කිව්වා..දාහේ සහන මල්ලක් දෙනවා කිව්වා..සිනි අසූ පහට දෙනවා කිව්වා..පොල් අසූවට දෙනවා කිව්වා..හාල් අනූ පහට දෙනවා කිව්වා.. අනේ බන්දුල” යනුවෙනි.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් අවසානයේ පවසා සිටියේ “අනේ බන්දුල නොදුටු මොක්පුර” ලෙසිනි.

මන්ත්‍රීවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අපනයන සංවර්ධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් තිබෙන අවස්ථාවේ දීය.

Rate this item
(1 Vote)