May 18, 2024

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මර්දනය : අනුර කුමාර දිසානායක

මේ අවස්ථාවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අර්බුදයකට මුහුණ දී තිබෙන්නේ ආණ්ඩුව ක්‍රමානුකූලව මර්දනය දියත් කරමින් තිබෙන නිසා බව ජාතික ඡන බලවේගය ඡන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ සිය පක්ෂයේ දෙපලක් අත්අඩංගුවට ගැනීම මතක් කරමින්.

ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක සමන්ත විද්‍යාරත්න හා ගොවි සංගමයේ සභාපති ලෙස කටයුතු කරන නාමල් කරුණාරත්න යන මහත්වරුන් අද (7) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ඔවුන් නායකත්වය දුන් පොදු ජනතාවගේ අරගලද පෙන්වා දෙමින්.

ගොවියා , ධීවරයා ඇතුළු හැමෝම අරගලයක

මේ වන විට ගොවි ජනතාව සාධාරණ සිය දුක් ගැනවිල්ලක් හේතුවෙන් පාරට බැස සිටින බවත් ධීවර ජනතාව ගිනි ගත් නැව නිසා තමන්ගේ ජීවනෝපාය මාර්ග අහිමි වීම හේතුකොටගෙන පාරට බැස සිටින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඒ හැරුණුකොට කොළඹ වාණිජ නගරයේ වටිනා ඉඩකඩම් හා පෞරාණික උරුමයන් තිබෙන ගොඩනැගිලි විකිණීම මෙන්ම මුතුරාජවෙල තෙත් බිම් කලාප ආශ්‍රිතව ගොඩකිරීම් හා පවරා ගැනීම් සිදු කිරීමට එරෙහිව මහජන විරෝධයක් තිබෙන බව සදහන් කරන මන්ත්‍රීවරයා ගම්වල අස්සක් මුල්ලක් නෑර සිටම ආණ්ඩු විරෝධයක් ගොඩ නැගෙමින් තිබෙන බැවින් ආණ්ඩුව සියලු උද්ඝෝෂණ හා පෙළපාලි නතර කිරීම සඳහා නියෝගයක් පනවා තිබෙන බවයි සඳහන් කරන්නේ.

ජනතා ප්‍රශ්නවලට පිළිතුර මර්දනය

එනිසා ආණ්ඩුව දැන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ක්‍රමානුකූලව මේ රටේ ජනතාව බියට පත් කරන , මාධ්‍ය ආයතන වසන , මාධ්‍ය ආයතන බිය වද්දන  වැඩපිළිවෙළක් බවයි මන්ත්‍රීවරයා හෙළිදරව් කරන්නේ.

ඒ තත්ත්වය තුළ පසුගිය මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයෙදි ජනතාවට දුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම කඩ කර තිබෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ජනතාවට මුහුණ දෙන්න බැහැ

එනිසා ආණ්ඩුව මේ වන විට ජනතාවට , ජනතා අරගලවලට මුහුණ දීමට නොහැකි ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඊට එක් එක් මැජික් කරුවන් පාර්ලිමේන්තුවට ගෙන්වා මැජික් පෙන්වන බව සදහන් කරනවා.

ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු නැති ආණ්ඩුව මේ වන විට අනුගමනය කරන්නේ එම ප්‍රශ්න මර්දනයෙන් විසඳීමේ ප්‍රතිපත්තියක් බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 July 2021 13:30