May 02, 2024

මේ ඇමති හැටියට ඔබ දෙන අවසාන පිළිතුර වෙන්න පුළුවන් : සජිත් පිලෙන් ඇමතිට ඉගියක්

උදය ගම්මන්පිල මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ලබා දෙන අවසාන පිළිතුර මේ දැයි දන්නේ නැති බවට විපක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී ඉඟියක් ලබා දුන්නා.

ඒ බලශක්ති අමාත්‍යවරයාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ප්‍රශ්නයක් නගමින්.

එසේ නොවේවායයි අපේ ප්‍රාර්ථනාව

එසේ නොවේවා යයි තමන් ප්‍රාර්ථනා කරන බව සඳහන් කළ මන්ත්‍රීවරයා තමුන්නාන්සේලා වගේ වැදගත් මෙන්ම කාඩ්බෝඩ් වීරයෝද මේ ආණ්ඩුවේ තවදුරටත් සිටිය යුතු බවයි ගම්මන්පිල අමාත්‍යවරයා අමතා සදහන් කළේ.

එහිදී තමන් නගන ප්‍රශ්න මග අරින්නේ නැතුව පිළිතුරු දෙ ලෙසද අමාත්‍යවරයාගෙන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් ද කළා.

ඇමතිගේ පිළිතුර

ඊට පෙරළා පිළිතුරු දෙමින් ගම්මන්පිල අමාත්‍යවරයා විපක්ෂයට මතක් කර දුන්නේ තමාගේ දේශපාලන ජීවිතයේ කිසි දිනෙක ප්‍රශ්න මග හැර පැනලා ගොස් නැති බවත් ඕනෑම ප්‍රශ්නයකට සෘජුව උත්තර ලබාදී තිබෙන බවත් මේ මොහොතෙත් බලශක්ති අමාත්‍යවරයා තමා බවද සඳහන් කරමින්.

බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනයත් සමග ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වෙතැයි යන්න පිළිබඳ මතයක් සමාජගතවී තිබෙන අතර එහිදී ගම්මන්පිල අමාත්‍යවරයාගේ බලශක්ති විෂය වෙනස් වෙනු ඇති බවට ඉඟි පළ වෙමින් තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 July 2021 11:53