May 13, 2024

මෙන්ඩිස් ගැන කැබිනට් මණ්ඩලයෙනුත් තීන්දුවක්

මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි.

එම සමාගම යළි ආරම්භ කිරීම සඳහා ලැබුණු අවසරයට අමාත්‍යවරු ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් දැඩි විරෝධතා ඉල්ලවීමත් සමග ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇති බව යි වාර්තා වන්නේ.

ඒ අනුව එම සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සඳහන්.

මෙන්ඩිස් සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව පැවසෙන අර්ජුන් ඇලෝසියස් හට යි.

අර්ජුන් ඇලෝසියස් යනු, එම සිද්ධියට සම්බන්ධව මේවන විට මෙරටින් පළා ගොස් සැඟවී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා ද වනවා.

2018 වසරේ සිට මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සදහා ලබා දී තිබු අවසරය අහෝසි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන්.

කෙසේ වෙතත් පසුගිය දා එම සමාගමෙහි මත්පැන් නිෂ්පාදනය සඳහා යළි අවසර ලබා දීම සිදු වූවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ප්‍රකාශ කළේ රජයට ගෙවිය යුතු හිඟ බදු ප්‍රමාණය වසර 02ක් ඇතුළත ගෙවා අවසන් කිරීමේ එකඟතාව මත මෙම අවසරය ලබාදුන් බව යි.

හිඟ බදු මුදල් යලි රජයට ගෙවීමට සමාගම එකඟ වූ බවත්, ඒ අනුව මුදල් අමාත්‍යංශය සමග ද සාකච්ඡා කර එම අවසරය ලබා දුන් බවත් සුරාබදු කොමසාරිස්වරයා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 July 2021 11:15

Related items