May 13, 2024

රට සම්පුර්ණයෙන් විවෘත කරන දිනය ගැන ජනපතිගෙන් ඉඟියක් Featured

කොවිඩ් වසංගතය සඳහා මුහුණ දිය හැකි එකම විසඳුම ලෙස ලෝකයේ ම තිබෙන්නේ එන්නත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා.

සතුටුදායක ලෙස දැනට මෙම මාසයට පමණක් කොරෝනා එන්නත් මිලියන 02ක් ලැබී ඇති බවත් ඉන් එන්නතක් ලබාදෙමින් තිබෙන බවත්, මාසයේ මැද වන විට තවත් එන්නත් මිලියන 02ක් දෙකක් ලැබීමට නියමිත බවත් මාසය අවසානය වෙද්දී තවත් එන්නත් මිලියන 02ක් ලැබීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව සයිනෝෆාම් එන්නත් මිලියන 06ක් සහ අනිකුත් එන්නත්වලින් මිලියන 03කුත් ලැබීමට නියමිත බවයි ජනාධිපතිවරයා පැවසූ අතර මේ මාසය සඳහා එන්නත් මිලියන 09ක් ලැබෙන බවද පවසා සඳහන් කළා.

මෙම තත්ත්වය යටතේ සැප්තැම්බර් මාසය වන විට රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට හැකි තත්ත්වයක් ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ‍.

ඉක්මණින්ම රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක් නොලැබෙන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටියා.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (05) දිනයේ ජනාධිපති කාර්යාලයේ පැවැති සමුපාකාර දින සැමරුම් උත්සවයෙන් පසුව පැවැති සාකච්ඡාවකදීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 July 2021 12:31

Related items