May 12, 2024

බැසිල් එන එකට විරුද්ධ නෑ.. ප්‍රශ්නයක් නම් ජනපතිට, අගමැතිට කියන්න

බැසිල් රාජපක්ෂ මහතා දේශපාලනයට පැමිණීමට සම්බන්ධයෙන් කිසිම පක්ෂයක් විරුද්ධ නොමැති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඇඹිලිපිටියේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්වුවා.

"බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු එනවා කියලා අපි ඔක්කොම කියනවා. මේ එන එකට හැමදාම විරුද්ධව කතා කරන්නේ කවුද? මේ විපක්ෂයේ අය විරුද්ධව කතා කරනවා. ඒකට අපි උත්තරයක් දෙනවා. ඉතින් එතුමා ශක්තිමත් නායකයෙකු නිසා. දැන් ඕනෑම ආණ්ඩුවක් කැමතියි තමන්ගේ ආණ්ඩුව ශක්තිමත් කර ගන්න තවත් ඒ හයියක් දීලා වැඩක් කරගන්න පුළුවන් අය ගන්න. ඉතින් බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ එළියේ ඉන්නවට වඩා කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා වගකීමක් භාර අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමාගේ වගකීම ඉෂ්ඨ කරන එක තමයි අපේ කාර්යභාරය. ඔබ දන්නවා හුඟක් ආණ්ඩු හිටපු ගමන් එහෙනම් කැබිනට් මණ්ඩල වෙනස් කරනවා. අමාත්‍ය මණ්ඩල වෙනස් කරලා අලුත් අය පත් කරනවා. හැබැයි ඒ ගොල්ලෝ ගෙදර යවන්නේ නැහැනේ. ඒක නිසා මෙතුමා එන්නේ තවත් වැඩ කොටසක් කරන්න. එතුමා දැනුත් වැඩ කොටසක් කරනවා. ඊටත් වඩා වැඩ කොටසක් කරන්න එන්නේ. ඒක නිසා එතුමා එන එකට බය වෙලා තියෙන්නේ අද විපක්ෂය. ලබන සතියේ බොහෝදුරට එතුමා පාර්ලිමේන්තුවට එයි. බැසිල් රාජපක්ෂ මහතා හරියටම පාර්ලිමේන්තුවට එනවා කියලා එතුමා නොකිව්වට එතුමාට එන්න කියලා අපි ඉල්ලීමක් කරනවා එතුමාට තනතුර භාර ගන්න කියලා."

"ඒ නිසා අපේ විශ්වාසය තියෙනවා එතුමා ඒ තනතුර භාර ගනියි කියලා. ඉදිරි දවස්වල ඔබට බලා ගන්න පුළුවන්. අපිට කාටවත් කියන්න බැහැනේ එතුමා ඇවිත් දිවුරුම් දෙනකන්. ඒ නිසා සීයයට 99ක්ම එතුමා එයි කියන බලාපොරොත්තුව අපේ පක්ෂය තුළ තියෙනවා. අපේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමත් ඉල්ලීමක් කරලා තියෙනවා එතුමාට එන්න හැබැයි කිසිම දේශපාලන පක්ෂයක් අපිත් එක්ක ඉන්න කිසිකෙනෙක් ඒකට විරුද්ධ නැහැ. මම දන්නේ නැහැ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට එහෙම නොසතුටින් කතා කරන්න මොකක් හරි අලුතෙන් ප්‍රශ්නයක් ඇති වෙලාද කියලා. එතුමාට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට එතුමාට කියන්න පුළුවන්. හැබැයි අපි කොයි වෙලාවකවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු මැති ඇමතිවරුන්ව විවේචනය කරන්න ගියෙත් නැහැ, එතුමාගේ ඇදකුද හොයන්න ගියෙත් නැහැ. හැබැයි මෙතනට එන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් වෙනුවට තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඒකට කාටවත් ඇඟිලි ගහන්න අයිතියක් නැහැ."

Rate this item
(0 votes)
Last modified on Monday, 05 July 2021 21:50