May 16, 2024

බැරිනම් ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න - දයාසිරිට තවත් රතු එළියක්

ඇමති තනතුරුවල විෂයන් සීනි ද, බතික් ද, මැටි ද යන්න කුමක් වුවත් ඒ විෂයයන් වල ප‍්‍රගතියක් ඇති කිරිමට වැඩකළ හැකි අයට හැකි බවත් වැඩබැරි අය තමන්ට ලැබුණු ඇමතිකමේ විෂයයන් ගැන පාරම් නොබා ඉල්ලා අස්විය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඇඹිලිපිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්වුවා.

“ගම්මිරිස්, මැටි, බතික් ඇමතිකම් දුන්න බවක් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා කියනවා. හැබැයි මම නම් මට ලැබුණු රාජ්‍ය ඇමතිකමේ විෂයයන්ගේ සාධණීය වර්ධනයක් මේ වෙනකොටත් පෙන්නලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා තමයි අපිට මේ ඇමතිකම් දුන්නේ. එතුමා ඉදිරියේ අපි දිවුරුම් දුන්නේ. අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාත් අපිට දුන් ඒ ඇමතිකම්වල විෂයයන් ගැන දන්නවා. මට ලැබුණ විෂයයන්ගේ උක් කර්මාන්තය ලාභ ලබන තැනට ගෙනාවා. ගම්මිරිස් ක්‍ෂෙත්‍රය කඩාවැටිලා තිබුණේ. දැන් එය ගොඩ ගෙන මිලක් ස්ථායි කරලා තියනවා. කජු කර්මාන්තයත් එහෙමයි. වැඩ කරන්න පුලූවන් නම් ඇමති විෂයයේ ගැටලූවක් නෑ. ඇමති විෂයයන් ගැන අඳෝනා තියන්නේ වැඩ කරන්න බැරි, වැඩ කරන්න දන්නේ නැති අය. කියව කියවා, විවේචන කර කර ඉන්න එපා. බැරිනම් ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න. පුලුවන් කෙනෙකුට දෙයි. බෑ බෑ කිය කිය ඇමතිකමේ ඉන්නවා කියන්නේ ජනතාවට කරන ලොකු අසාධාරණයක්.”

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය අමාත්‍ය ධුරයන් පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා සහ පී.බී.ජයසුන්දර මහතා සම්බන්ධව කළ ප්‍රකාශයන්ට පිළිතුරු වශයෙන්.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 July 2021 21:27

Related items