May 15, 2024

“මේ අමාත්‍ය ධූර විහිළුවක්” - දයාසිරි කලකිරීමෙන් Featured

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයන් නිර්මාණය කර තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියා.

එමෙන්ම මෙම අමාත්‍යධූරයන් සඳහා පුද්ගලයින් පත් කිරීම, රාජ්‍ය අමාත්‍ය ධූර නිර්මාණය කිරීම වැනි කටයුතු සිදු කරන තිබෙන්නේ ද බැසිල් රාජපක්ෂ සහ පි.බී ජයසුන්දර යන මහත්වරුන් විසින් බවද අමාත්‍යරයා විසින් අනාවරණය කර සිටියා.

“මැති ඇමතිකම්, කුරුඳු ගම්මිරිස් එහෙම ඇමතිකම්.. විශේෂයෙන්ම ඔබතුමාලාම කියපු බතික් ඇමතිකම මට දීලා තියෙන.. මේ ඔක්කොම විහිළු ඇමතිකම් හැදුවෙත් බැසිල් රාජපක්ෂ මැතිතුමයි, පි.බී. ජයසුන්දර මැතිතුමයි.. අපිව මේ පැත්තකට කරලා වැඩක් ගන්නේ නැතුව තියලා තියෙන්නෙත් ඒ අයම තමයි.. ඒක සියලු දෙනාම තේරුම් ගත යුතුයි” යැයිද රාජ්‍ය අමාත්‍යරයා විසින් සඳහන් කර සිටියා.

දැන් පවතින්නේ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයක් නොවන බවත් එහිදී දයාසිරි ජයසේකර මහතා විසින් සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (03) දිනයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරයි.

Rate this item
(2 votes)