May 15, 2024

ඇමතිකම් එපා වෙයි - ආණ්ඩුවේ ප්‍රබලයෙකු විරෝධයක

මේවන විට ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි විරෝධයක් පළ කරමින් පවතිනවා.

ශ්‍රීලනිපයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ මේවන විට කිසිදු අදහස් දැක්වීමක් සිදු කර නොමැත. නමුත් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ආණ්ඩුවේ කටයුතු කරමින් සිටින ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කරමින් කටයුතු කරන අයුරු පසුගිය කාලයේ දිගින් දිගටම පෙනී ගොස් තිබූ කාරණයක්.

ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසූවේ ආණ්ඩුවෙන් ඉවත්ව කටයුතු කිරීමට දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී තිබෙන බවත් නමුත් ඊට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් සියලු දෙනා දැඩි විරෝධයක් පළ කර තිබෙන බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ(01) කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ වර්තමානයේදී කැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇති බවයි.

ප්‍රශ්න විසඳිය නොහැකියි

රට තුළ පවතින අර්බුදය තේරුම් නොගෙන ඇමතිකම් බෙදාගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කවුරු පාර්ලිමේන්තු ආවත් කවුරු ඇමති වුණත් ප්‍රශ්න එසේම තිබෙන බවත් බැසිල් රාජපක්‍ෂ මහතා ඇමතිවරයකු නොවුවත් පසුගිය කාලයේ ඇමතිවරයකුට වඩා බලතල තිබූ නායකයෙක් බවට පත්වී සිටි බවත් ඔහු කියා සිටියා. 

ඔහු පාර්ලිමේන්තුවට ඒම ප්‍රශ්නයක් නොවන නමුත් ඔහු ආවා කියා ගැටලු විසඳෙන්නේ නැතැයි ද ජයසේකර මහතා පෙන්වා දෙනවා.

වර්තමානයේ පවතින ප්‍රශ්න ඇතිවුයේ බැසිල් රාජපක්‍ෂ මහතාත් සිටි ආණ්ඩුවක් තුළ බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රබර් මුද්‍රා බවට පත්ව ඇති බවත් කැබිනට් ඇමතිවරුන්ටත් ඒ තත්වය උද්ගත වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

රට තුළ පවතින ක්‍රමයේ ගැටලුවක් තිබෙන බවත් එම තත්වය නිවැරදිව කළ යුතු බවත් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(1 Vote)

Related items