May 13, 2024

විශේෂ පණිවිඩයක් රැගෙන ජනපති මහ නාහිමිවරුවන් බැහැදකී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා.

දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුවා.

ජනාධිපතිවරයා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විචාළේය. උන්වහන්සේ සෙත් පිරිත් සඡ්ඡායනා කොට ජනාධිපතිවරයාට ආශිර්වාද කළා.

මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විචාළේය. අනු නායක හිමියන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකෙරෙන සංඝවාසය ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා.

මල්වතු පාර්ශ්වයේ අනු නායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශ පැවසූවේ.

රටේ වර්තමාන දේශපාලන, සමාජ හා ආර්ථික තොරතුරු රැසක් පිළිබඳව මහා නායක, අනු නායක ස්වාමීන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහිදී කරුණු පැහැදිලි කරනු ලැබුවා.

Rate this item
(0 votes)

Related items