May 15, 2024

රාජ්‍ය ඇමති දයාසිරි අගමැතිට පෙන්වා දුන් ලීසිං මාෆියාව (VIDEO)

රට තුළ ඇතිව තිබෙන තවත් ප්‍රධාන ප්‍රශ්නයක් පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා යොමු කළා.

ඒ ලක්ෂ සංඛ්‍යාත වාහන හිමියන් පිරිසක් මුහුණ දෙන ලීසිං ප්‍රශ්නයයි.

මහ බැංකුවේ උපදෙස  

කුණු බක්කියටලීසිං සමාගම් කොවිඩ් -19 වසංගතයෙන් බැට කා සිටින ජනතාව ගසා කන ආකාරය ඒ සම්බන්ධයෙන් වූ දත්ත හා තොරතුරු ඉදිරි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

5% සිට 11.5 % අතර දක්වා වූ පොලී අනුපාතයකට ලීසිං මුදල් අය කරන ලෙස මහ බැංකුව චක්‍ර ලේඛයක් නිකුත් කළ බවත් එහෙත් ලීසිං සමාගම් එය නොතකා ලීසිං ගෙවීමට නොහැකි සෑම පුද්ගලයකුටම ඔවුන් ගෙවිය යුතු ලීසිං මුදලට දඩ මුදලත් එකතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කරනවා.

සංචාරක ව්‍යාපාරයේ යොදවා ඇති වාහන 

උදාහරණයක් ලෙස කොවිඩ් -19 හේතුවෙන් දැඩි ලෙස බැට කා සිටින සංචාරක ව්‍යාපාරය පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා එම ව්‍යාපාරයේ යොදවා ඇති වාහන 6000 ප්‍රමාණය මේ හේතුවෙන් බරපතළ අනතුරකට මුහුණ දී ඇති බවයි සදහන් කරන්නේ.

අවම තරමින් එළඹෙන දෙසැම්බරයේවත් සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කලත් එම පිරිසට යළිත් එම ක්ෂේත්‍රයේ නියැලීමට නොහැකි වන අයුරින් ලීසිං සමාගම් ඔවුන්ව හිර කොට ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට බලපෑ හේතුවද සමගය.

ලීසිං සමාගම් වල හිතුවක්කාර වැඩ පිළිවෙළ

මහ බැංකුව 5% සිට 11.5% දක්වා අනුපාතයක් අතර ලීසිං සඳහා පොලී අය කරන ලෙස සමාගම් වෙත දන්වා තිබුනත් එහි ඇති අවම පොලී අනුපාත ප්‍රතිශතය නොසලකා ලීසිං සමාගම් 11.5% දක්වාම වැඩි කර තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

ලීසිං සමාගම් මෝටර් බයිසිකලේ සිට කුඩා ලොරි රථ ඇතුළු සෑම වාහන කාණ්ඩයක් සඳහාම ලීසිං සඳහා විශාල පොලියක් අය කිරීම මත රට තුළ විශාල අර්බුදයක් ඇතිව තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් කතා කළත් ඒවා ජනමාධ්‍යවල පෙන්වන්නේ නැති බවත් සඳහන් කරමින්.

අගමැතිගෙන් හා රාජ්‍ය ඇමතිගෙන් කළ ඉල්ලීම

එනිසා මුදල් අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍යවරයාත් රාජ්‍ය අමාත්‍යවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාත් පාර්ලිමේන්තුවේ සිටින මේ අවස්ථාවේ මේ ප්‍රශ්නයට මැදිහත් වී මහ බැංකුව සහ ලීසිං සමාගම් අතර සාකච්ඡාවක් පවත්වා මේ ප්‍රශ්නය  විසඳා දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක්ද කළා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 June 2021 10:24

Related items