May 15, 2024

මෙරට ඇති සබන් වර්ග ගැන හෙළිදරව්වක්

වර්තමානයේ දී මෙරට වෙළඳපොලෙහි ඇති රෙදි සෝදන සබන් අතුරින්, නියමැත ප්‍රමිතියකට සැකසූ සබන් වර්ග ඇත්තේ 03ක් පමණක් බව පාරිභෝගික කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අනාවරණය කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) දින පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින්.

ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ නියමිත ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන සබන් නිෂ්පාදනය කරනු ලබන්නේ ද සමාගම් තුනක් පමණක් බවයි.

මෙරට සබන් කර්මාන්තය බහුජාතික සමාගම්වල ආධිපත්‍යයට සහමුලින්ම නතු වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

රුපියල් හතළිහක් වැනි අඩු මිලකට නියමිත ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන සබන් කැටයක් ලඟදීම සතොස හරහා රට පුරා බෙදා හැරීමට කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා අනාවරණය කළා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 June 2021 23:50