May 17, 2024

නැවෙන් පැන්න ඇමති රත්තරන්ව කිරිඇල්ල යළිත් නැවට දා ගනි

අද (7) පැවති පාර්ලිමේන්තු විවාදයේදී මුහුද මැද ගිනිගත් නැව ගැන වරාය ඇමතිවරයා කිසිවක් ප්‍රකාශ නොකොට මගහැර යාමට ගත් උත්සාහය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ව්‍යාර්ථ කලා.

අද පැවති විවාදයට එක් වූ වරාය ඇමති රෝහිත අභයගුණවර්ධන මහතා සිය කතාව තුළ ගිනිගත් නැව ගැන වචනයක් හෝ කතා කළේ නැහැ.

විපක්ෂයට දුන් දේශනය

පැවැති  විවාදයට අදාළ කතාව තුළ අමාත්‍යවරයා  විෂයට අමතරව වගකිවයුතු විපක්ෂයක කාර්යභාරය ගැන විපක්ෂය අමතා දේශනයන්ද කලා.

සිය කතාව අවසන් කොට වරාය අමාත්‍යවරයා අසුන් ගැනීමෙන් පසු නැගී සිටී කිරිඇල්ල මහතා නැව ගිනි ගැනීම බරපතල කාරණයක් බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා වචනයක්වත් කථා නොකිරීම ප්‍රශ්නයක් බවත් සභාවට දැනුම් දුන්නා.

අමතක වූ නැව මතක් වෙයි

ඒ සමග නැගී සිටී සිටි වරාය අමාත්‍යවරයා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ වත්මන් තත්ත්වය හා  ගින්නෙන් බලපෑමට ලක්වූ ක්ෂේත්‍ර මෙන්ම ඒ සම්බන්ධයෙන් වන්දි ගන්නා ආකාරය ගැන විස්තරයක් ඉදිරිපත් කළේ ප්‍රශ්නය ඇසූ කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ වයස ආදියත් මතක් කරමින්.

අමාත්‍යවරයා ගිනි ගත් නැව ගැන හෙළි කළ කරුණු දෙස බැලීමේදී පෙනී යන්නේ නැව ගැන විපක්ෂය ප්‍රශ්නයක් ඇහුවොත් ඊට පිළිතුරු දීමට සූදානමින් සිටි බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 June 2021 14:36

Related items