May 14, 2024

විපක්ෂයේ පෙරළිකාරයා කා එක්කත් නෑ කතාලු!

සමගි ජන බලවේගයේ පෙරළිකාර මන්ත්‍රීවරයෙකු වන හරින් ප්‍රනාන්දු මහතා මේ දිනවල අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතක්.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්වක් මුල්කොටගෙන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට යෑමේ උණුසුමත් සමග ඔහු රෝහල් ගත වී ශල්‍යකර්ම කිහිපයකටද මුහුණ දුන්නා.

ඉන් පසුව නිවසට ගිය හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගිය මසක පමණ කාලය තුළ දැඩි නිහඬතාවයක් අනුගමනය කරමින් සමගි ජන බලවේගයේ කිසිදු කටයුත්තකට සහභාගී නොවීමට වගබලා ගෙන තිබෙනවා.

නිහඬතාවයට හේතුව විවේකයද ?

ඊට හේතුව ලෙස ශල්‍යකර්ම කිරීම හේතුවෙන් විවේක ගැනීමට අවශ්‍ය බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශ වුවද දැනගන්නට තිබෙන ආරංචි මාර්ග වලට අනුව ඔහු සමගි ජන ජන බලවේගයේ වගකිවයුතු තනතුරු දරන බොහෝ දෙනකු සමග ගනුදෙනු කිරීම නතර කොට ඇති බව වාර්ථාවෙනවා.

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පක්ෂයේ ප්‍රධාන තනතුරු දරන බොහෝ දෙනෙකුට අවම තරමින් දුරකථන ඇමතුමක්වත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ලබා දී නැහැ.

එ.ජා.ප නායකයාගෙන් කළ ඉල්ලීම

විශේෂයෙන්ම තමන්ව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊට එරෙහිව සමගි ජන බලවේගය ලැබුණු සහයෝගය පිළිබඳව මන්ත්‍රීවරයා කලකිරීමෙන් සිටින බවද දැනගන්නට තිබෙන අතර තමාව බැලීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායක වික්‍රමසිංහ මහතාගෙන් කළ විශේෂ ඉල්ලීමක් පිළිබඳවද තොරතුරු වාර්තා වෙනවා.

ඒ තමන්ව අත්අඩංගුවට ගැනීමට යාම පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපති අංශ හැකි පමණින් දැනුවත් කරන ලෙසයි.

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති  විවාදයේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම විවාදයට  අදාළ නොවන පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කළ හෙලිදරව්ව නොකරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඔහුට කළ දැනුම් දීම මත ඒ සම්බන්ධයෙනුත් කලකිරීමෙන් සිටි බවටද රාවයක් යනවා.

තමන්ව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ අතර මෙම මාසයේ අග වනතුරු ඔහු අත්අඩංගුවෙන් ගැනීමෙන් වළකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දී තිබෙනවා.

ඒ අතරතුර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන්ගෙන් ඉදිරියේ දේශපාලනය කළ යුතු ආකාරය ගැන යම් යම් පණිවිඩද ලැබී ඇති බවද දැනගන්නට තිබෙනවා.

මේ දිනවල හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය මුහුණු පොතේ විවිධ පෝස්ටු පළ කරන ආකාරය දක්නට ලැබෙන අතර 2022 සැප්තැම්බර් 8 ට පෙර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා , අග්‍රාමාත්‍යවරයා වන බවට ජ්‍යොතිෂවේදියෙකු කරන ප්‍රකාශයක්ද මීට ටික මොහොතකට පෙර එක්කොට තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Monday, 07 June 2021 16:31

Related items