May 12, 2024

අරමුණක් නොමැතිව තිබූ වරාය නගරයට අරමුණක් දුන්නේ අපි - පාඨලී චම්පික

යහපාලන රජය බලයට පැමිණෙන අවස්ථාවේ වරාය නගරය පිළිබඳව මූල්‍ය හා ආර්ථික ඇගයීමක් හෝ අරමුණක් නොතිබුණු බව සමගි ජන බලවේගය මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වරාය නගර පනත් කෙටුම්පත් විවාදයට එක්වෙමින් හෙළිදරව් කරන ලදී.

එනිසා ඊට මූල්‍ය නගරය යන අදහස ගෙනැවිත් එමඟින් රටටත් , කලාපීය ක්ෂේත්‍රයට වරාය නගරයෙන් ඇතිවන ඇගයීම කළ බවත් ඒ හේතුවෙන් 2045 වනතුරු ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඍජු ආයෝජනයක් සහ 85000 ක ශ්‍රම දායකත්වයට අවස්ථාව ලබාගැනීමට හැකිවූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වරාය නගරයට අවශ්‍ය ශ්‍රම බලකාය සතුව තිබිය යුතු දැනුම හා පුහුණුව ලබාදීම සඳහා හෝමාගම ආශ්‍රිතව තාක්ෂණ නගරයක් බිහිකොට විශ්වවිද්‍යාල 4ක තාක්ෂණ පීඨ එම ප්‍රදේශයට රැගෙන ගිය බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

2014 සැප්තැම්බර් මස චීන ජනපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ එවකට සිටි ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඇතිකරගත් එකගතා ගිවිසුමේ තිබූ ඇතැම් කරුණු වෙනස් කොට නව එකඟතා ඇති කර ගැනීමට හැකිවීම ලැබූ ප්‍රථම ජයග්‍රහණය බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එමගින් සින්නක්කරව ලබාදී තිබු හෙක්ටයාර 20 ක ඉඩම අහෝසි කොට ගොඩ කරන ලද මුළු ඉඩමම 99 අවුරුදු බද්දකට යටත් කිරීමට හැකිවූ බවද සඳහන් කරයි.

වරාය නගරයේ ඔබ්බට ගිය රණවක මන්ත්‍රීවරයා සිංගප්පූරුව , හොංකොං , ඩුබායි රාජ්‍යයන් සාර්ථක වූයේ නිසි ලෙස ආර්ථික ගොදුරු බිම හඳුනාගත් නිසා බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික ගොදුරු බිම අසල්වැසි ඉන්දියාව හා යුරෝපය බව මතක් කර දෙන ලදී.

එනිසා ඒ කලාප සමගකුමන ආකාරයේ දේශපාලන ප්‍රශ්නයක් හදා ගත්තොත් වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නොහැකි වන බව මතකයේ තබා ගන්නා ලෙසට මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීමක්ද කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 17:05