May 18, 2024

මේ වෙලාවේ ජනතාව කළ යුතු දේ ගැන ජවිපෙ නායකයා කියයි

තමා මෙරට පුරවැසියන් ගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව ගැන විශ්වාසය නොතබා තමන්ගේ ආරක්ෂා තමන්ම සලසා ගන්නට පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

කොවිඩ් සමග ජීවත් වන්න නොවකොවිඩ් රටින් තුරන් කිරීමට අධිෂ්ඨාන කරගත යුතු බවද ජවිපෙ නායකයා පෙන්වා දෙයි.

එන්නත්කරණය පිළිබඳව බයිලා ගැසීම නතර කොට කොරෝනාවට එරෙහි එන්නත් ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා සිටින දිසානායක මහතා එන්නත්කරනය පිළිබඳව ජනතාවට ඇති හිමිකම පැහැදිලි කොට ඒ පිළිබඳ විශ්වාසය ඇති කරන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

ජාතික ජන බලවේගයද නායකයා වන අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ ඊයේ (11)පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නිශ්චිත මොහොතේ නිශ්චිත තීන්දුව ගත යුතු බවත් ආර්ථිකයත් බේරාගෙන කොවිඩ්ද බේරා ගන්නවා කියන්නේ බොරුවක් බවද ජවිපෙ නායකයා අවධානය කරයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායකයා අනිල් ජාසිංහ,පබා පළිහවඩන, ජයරුවන් බණ්ඩාර වැනි අය නැවත වසංගත මර්දනයට කැඳවන ලෙස රජයට යෝජනාවක්ද කරයි.

මේ අවස්ථාවේ දැඩි සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ජවිපෙ නායකයා දැන් පනවා ඇති පළාත් අතර සංචරණ සීමා තැන විය යුතුව තිබුණේ මීට මාසයකට පමණ පෙර බවද පෙන්වා දෙයි.

ව්‍යසනයට මුහුණ දීමට සියලු පක්ෂ සමග කෙසේ වෙතත් අවම වශයෙන් ආණ්ඩුව තුළවත් සාමූහික දේශපාලන නායකත්වයක් ගොඩනගන ලෙස ඉල්ලා සිටින දිසානායක මහතා කරුණාකර නූල අපෙන් බැස අනෙකාට සවන්දී අනෙකාගේ අදහස් සමන් වෙත උරා ගැනීමට සමත් වන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක්ද කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 07:35