May 14, 2024

රනිල් - පාලිත පිහි ගැටුමත් හරීන් - තිස්ස කුට්ටි විමර්ශන කමිටුවේ අවධානයට Featured

රනිල් වික්‍රමසිංහ මහතාට ඇනීම සඳහා සඳහා එක්සත් ජාතික පක්ෂයේම පාලිත තෙවරප්පෙරුම මහතා පිහියක් පාර්ලිමේන්තුවට ගෙන ඒම ගැන තොරතුරු හරීන් - තිස්ස කුට්ටි ගැටුම් නිරාකරණ කමිටුවේ අවධානයට යොමු වී තිබේ.

පාර්ලිමේන්තු සභා ගැබේ දොර ආසන්නයේදී විපක්ෂයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ ආණ්ඩුවේ තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් ගුටිබැට හුවමාරු කරගැනීම පිළිබඳව විමර්ශනය කොට යළිත් එවැන්නක් ඇති නොවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කොට ඇති කමිටුව පසුගිය සතියේදී රැස්වූ අවස්ථාවේ එකම පාර්ශව නියෝජනය කළ රනිල් - පාලිත ගැටුම ගැනද අවධානය යොමු කොට තිබේ.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කමිටුවේදී අදාළ සිද්ධියේ සීසීටීවී පටද නිරීක්ෂණය කොට ඇති අතර දෙදෙනා අතර පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඇතිවූ ගැටුමෙ අතුරු ඵලයක් ලෙස සභා ගැබෙන් පිට ගුටි බැට හුවමාරු කර ගැනීම සිදුව ඇති බව කමිටුවේ නිගමනය වී තිබේ.

එහිදී මන්ත්‍රීවරුන්ට අනුගමනය කිරීම සඳහා විනය නීති මාලාවක් සකස් කිරීමට තීරණය කළ කමිටුව මේ සතියේදී සිද්ධිය සම්බන්ධයෙන් කතානායකවරයාට අතුරු වාර්තාවක් ලබා දීමටද එකඟතාවකට පැමිණ තිබේ.

මෙම කමිටුවේ සාමාජිකයෙකු වන චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම රැස්වීමට සහභාගී වී නොමැත.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයාද විපක්ෂයේ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාටද ගුටිබැට හුවමාරු කර ගැනීම සඳහා සභා ගැබෙන් පිටතට එන ලෙස අභියෝගයක්ද කළ අමාත්‍යවරයෙකු වීම විශේෂත්වයකි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 03 May 2021 00:32