May 14, 2024

හරීන්ගෙන් ආණ්ඩුවට දැනගන්නට ඕන දේ මන්ත්‍රීවරිය හෙළිකරයි Featured

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ ඔහු ඉකුත් සතියේදී පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේදී කළ විශේෂ හෙළිදරව්වට තොරතුරු ලැබුණේ කෙසේදැයි සොයා ගැනීමට බව රෝහිණී කුමාරි කවිරත්න සමගි ජන බලවේග මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීවරිය හෙළිදරව් කරයි.

එසේ නැතිව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පියා ඔහුට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුම් දීම පිළිබඳව ප්‍රශ්න කිරීමට නොවන බවද පෙන්වා දෙන මන්ත්‍රීවරිය එම සිද්ධිය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මීට පෙර සිය නිර්දෝෂීභාවය ඔප්පු කොට තිබෙන බවද සඳහන් කරයි.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ආරක්ෂක අමාත්‍යවරයාගේ අත්සනින් දිගු කාලයක් අත්අඩංගුවේ රඳවා තබා ගැනීම ආණ්ඩුවේ සැලසුම බවද මන්ත්‍රිවරිය හෙළිදරව් කරයි.

මීට පෙර ජනපතිවරයාට නන්දසේන යයි ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ජනපතිවරයා තර්ජනයක් කළ බවද මන්ත්‍රිවරිය සිහිපත් කරයි.

මන්ත්‍රීවරිය මේ අදහස් පළ කර තිබුණේ සති අන්ත විකල්ප ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවට එක් වෙමිනි.

ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කළ විශේෂ හෙළිදරව්වෙන් පසු හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස දැනුම් දුන් අතර ඊට මන්ත්‍රීවරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

මේ වන විට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පෞද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ලබන අතර තමාව අත්අඩංගුවට ගැනීමට ගන්නා ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 April 2021 15:44

Related items