May 14, 2024

හරින්ට ඉහෙන් කනින් බහින කිසිම ලෙඩක් නෑලු

මේ වන විට රෝහල් ගතව සිටින හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට රෝහල් ගත වීමට තරම් රෝග ලක්ෂණ නොමැති බව ඔහු බැලීමට යන දේශපාලනඥයන් කිහිප දෙනෙකුම ඒෂියන් මිරර් සමඟ පැවසීය.

ඒ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට රෝහල්ගත වීමට තරම් රෝගී තත්ත්වයක් සැබෑ ලෙසම තිබෙනවා දැයි ඒෂියන් මිරර් කළ විමසීමට වලට ප්‍රතිචාර දක්වමිනි.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රෝහල්ගතව තිබෙන්නේ ඔහුගේ හෘද ස්පන්දනයේ යම් වෙනසක් තිබෙනවා යැයි දන්වමින් බව පෙන්වා දෙන සිය අනන්‍යතාවය හෙළි නොකිරීමේ එකඟතාවය මත අදහස් පළ කළ සමගි ජන බලවේගය මන්ත්‍රීවරයෙක් සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකු වයස් ගත වෙද්දී හෘද ස්පන්දනයේ යම් වෙනස්වීම් සිදු වන බවද සඳහන් කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඉකුත් සතියේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කිරීමෙන් පසු ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ විමර්ශන කොට්ඨාසය ඔහුට දැනුම් දී තිබේ.

එසේ අපරාධ විමර්ශන කොට්ඨාසයට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට පැමිණෙන්නට කියන්නේ ඇප ලබා දිය නොහැකි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රඳවා තබා ගැනීමේ අරමුණින් බවට සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් දිගින් දිගටම චෝදනා කරයි.

මේ වන විට ඒ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

Rate this item
(0 votes)

Related items