May 15, 2024

(EXCLUSIVE) හරින්ගේ අලුත්ම තත්ත්වය මිතුරා මනුෂ හෙළිකරයි

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ඊයේ (28) කිරීමට සූදානම් කර තිබූ සැත්කම කල් ගිය බව මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව පාස්කු ඉරුදින ප්‍රහාරය මුල්කොටගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානමින් සිටින බවද තහවුරු කරන මන්ත්‍රීවරයා ඊට එරෙහිව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබෙන බව පෙන්වා දෙන ලදී.

මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයා මෙම කරුණු හෙළිදරව් කළේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ වත්මන් තත්ත්වය පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට පාදක වූ ආසන්නම හේතුව සේ සැලකෙන්නේ ඉකුත් සතියේදී පාර්ලිමේන්තුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු කළ හෙළිදරව් කිරීම් බව වාර්තා වේ.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට පසුව මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයාද හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය තහවුරු කරමින් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව නිවැරදිම තොරතුරු රටට හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් මෙම මන්ත්‍රී දේපළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ ඇගයීමටද ලක් විය.

විපක්ෂ නායකවරයා මෙන්ම සමගි ජන බලවේග නායකයාද වන සජිත් ප්‍රේමදාස මහතා එම ඇගයීම් කරන ලද්දේ ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ පැවති සමග ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව් කිරීමෙන් පසු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ඔහුට ප්‍රකාශයක් ලබාදීම සඳහා සිය මූලස්ථානයට පැමිණිලි ලෙස දැනුම් දෙන ලදී.

එසේ ප්‍රකාශයක් ලබාදීමට ලබා දීමට ගිය පසු හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබු බවට සමගි ජන බලවේග මන්ත්‍රීවරු දිගින් දිගටම චෝදනා කරන ලදී.

මේ වන විට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රෝහල්ගතව සිටි.

Rate this item
(1 Vote)

Related items