April 29, 2024

රියදුරන්ට විශේෂ දැනුම්දීමක්! රියැදුරු බලපත්‍රය ගැන ගැසට් නිවේදනයක්

කල්ඉකුත් වු රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව තාවකාලීකව දිර්ඝ කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මෝටර් රථ ප්‍රවහන කොමසාරිස්වරයාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති අතර දැනටමත් වලංගු කාලසීමාව දිර්ඝ කර ඇති රියදුරු බලපත්‍ර සඳහා එය අදාළ නොවන බව එම ගැසට් නිවේදනයෙන් දැක්වෙයි.

රියදුරු බලපත්‍රයේ වංලගු කාලය මාස හයකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව පසුගිය මාර්තු මස 31 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කාලය තුළ අවලංගු වන රියදුරු බලපත්‍රවලට මාස හයක අතිරේක කාලයක් හිමි වේ.

මෙම දීර්ඝ කිරීමත් සමඟ ලබන සැප්තැම්බර් මස 30 වැනිදා අවලංගු වන රියදුරු බලපත්‍රයක් ලබන වසරේ (2022) මාර්තු 31 වැනිදා දක්වා වලංගු බව එම අමාත්‍යාංශය පැවසීය.

Rate this item
(1 Vote)