May 12, 2024

සීනි ජාවාරම පමණක් නොව, පොල්තෙල් ජාවාරමත් විමර්ශනය කල යුතුයි – පාඨලී

සීනි ආනයනයේදී සිදුකළ බදු වංවාවක් පිළිබද චෝදනා එල්ලවන සමාගම මෙරටට පොල්තෙල් ගෙන්වීම හරහාද විශාල බදු වංචාවක් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2020 ජූලි මාසයේදී මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ ගැසට්ටුවක් ඔස්සේ පොල්තෙල් ආනයන බද්ධ විශාල වශයෙන් අඩුකළ බවය.

අදාල සමාගම ඉන් අනතුරුව විශාල පොල්තෙල් ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇතත් මෙරට වෙළදපලේ පොල්තෙල් මිළ අඩු නොවූ බවයි පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

එමනිසා සීනි ජාවාරම පිළිබඳව පමණක් නොව, පොල්තෙල් ජවාරමත් විමර්ශනය කල යුතු බවට ඒ මහතා මෙහදී කියා සිටියහ.

Rate this item
(0 votes)