May 20, 2024

වහබ් සහ ජිහාඩ් මතවාදය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව තුළ වහබ් සහ ජිහාඩ් මතවාදය පැතිරවීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා ජමාතේ ඉස්ලාම් නැමති සංවිධානයේ හිටපු සභාපතිවරයා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු මාවනැල්ල මුරුතවෙල පදිංචි (60) පුද්ගලයෙකි.

අදාළ සැකකරු මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීමේ දී අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ සමීපතම ඥාතියෙක් වන බව ට ද අනාවරණය වී තිබේ.

ජමාතේ ඉස්ලාම් සංවිධානය මඟින් පළ කරනු ලබන අල් හසනාත් නැමති සඟරාවෙහි වහබ් සහ ජිහාඩ් මතවාදය පිළිබඳ ලිපි අදාළ සැකකරු විසින් පළ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන රඳවා තබා ගැනීමට නියමිතය.

ජාතීන් අතර සමගිය නැති කිරීමට හා මුලධර්මවාදී අදහස් ව්‍යාප්ත කිරීමේ ප්‍රමුඛතමයෙක් ලෙස සැකකරුව හඳුනාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)

Related items