May 14, 2024

පාස්කු වාර්තාව අසම්පූර්ණ එකක්

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව “පුංචි බබෙකු” වුවද දැන සිටි බවත්, පාස්කු කොමිසමේ මූලික අරමුණ හා වගකීම වී තිබුණේ සහරාන් මෙම ප්‍රහාරය එල්ල කළේ කාගේ වුවමානවක් අනුවද, ඊට බලපෑ හේතු සාධක මොනවාද, පාස්කු ප්‍රහාරය සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ කවුද යන්න පිළිබඳව හෙලිදරව් කර ගැනීම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (04) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කරන ලදි.

පාස්කු කොමිසම විසින් ලබාදුන් සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට හෝ තවමත් කටයුතු කර නොමැති බවත්, මෙම වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් ලෙස හැඳින්විය හැකි බවත් ඔහු පවසයි.

ඒ අනුව පාස්කු කොමිසම හරහා බලාපොරොත්තු වූ අරමුණ ඉෂ්ට වී නොමැති බවත්, පාස්කු කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු පිරිසට ඉහළින් සිටි පුද්ගලයා කොමිසම හරහා හෙලිදරව් නොවීම හරහා එම ඉහළින් සිටි පුද්ගලයා කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීම සඳහාද බලපෑම් එල්ල කර ඇති බවට සැක කිරීමට සිදුවන බවද හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Rate this item
(0 votes)

Related items