May 12, 2024

චම්පික රණවකට අධිචෝදනා භාර දෙයි

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සහ  අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා භාරදී තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ විට එම අධිචෝදනා කියවා භාරදී ඇත.

එම අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රය විත්තිකාර චම්පික රණවක මහතාට විවෘත අධිකරණයේ දී කියවා දෙනු ලැබීය.

කෙසේ වෙතත් මෙම මූලික විරෝධතාව පිළිබඳව විමසීම අප්‍රේල් මස 27 වනදා සිදු කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

Rate this item
(0 votes)