May 18, 2024

මංගල - බැසිල් හදිසි හමුවක්!

February 22, 2021

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හදිසි හමුවක් සිදුවී ඇතැයි වාර්තා වේ.

මෙම හමුව සිදුව ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා ෂැන්ග්‍රිලා හෝටලයේ තිබූ උත්සවයකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී ය.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා පිටුපසින් පැමිණ, ‘‘හා, මංගල කොහොමද?’’ කියා හිටපු ඇමැති මංගල සමරවීරගෙන් විමසා තිබේ. ‘‘හා... ඇමැතිතුමා මාක්ස් දාලා නිසා අඳුරගන්නත් බැරිවුණා“ කියා මංගල හා බැසිල් සුහද පිළිසඳරක නිරත වී ඇතැයි වාර්තා වේ.

මෙම හමුව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට යොමුවූයේ දෙදෙනාම තිරය පිටුපස දේශපාලන කටයුතුවලට නායකත්වය දුන් පුද්ගලයන් දෙදෙනකු වීම නිසාය.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 February 2021 02:06