බලපිටිය මූලික රෝහලේ සේවය කළ වෛද්‍යවරු දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
ආසාදිත වෛද්‍යවරු දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම රෝහලේම තවත් වෛද්‍යවරු පිරිසක් මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.
ඊයේ (01) සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ අදාළ ආසාදිත වෛද්‍යවරු දෙදෙනා හඳුනාගෙන තිබුණි.
බලපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර සේවා පවත්වාගෙන යෑමට පියවරගෙන ඇති අතර හදිසි සැත්කම් ද සිදුකෙරෙන බවය.
කෙසේවෙතත් කලින් දින වෙන්කර ඇති සැත්කම් තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ.