May 11, 2024

චම්පිකට දෙන තනතුරු පිළිබඳ සාකච්ඡාව තීරණයක් නොමැතිව අවසන්

February 02, 2021

සමගි ජන බලවේගය තුළ පාඨලී චම්පික රණවක මහතාට ලබා දෙන තනතුර හා වගකීම් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඊයේ (01) පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වී තිබේ.

එම සාකච්ඡාවට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් මෙන්ම පාඨලි චම්පික රණවක මහතාද සහභාගී වී ඇත.

එහිදී මූලිකවම අවධානය යොමුව ඇත්තේ පාඨලී චම්පික රණවක මහතාගේ මූලිකත්වයෙන් යුත් 43 වැනි සේනාංකය සමගි ජන බලවේගය සමග කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවය.

සමගි ජන බලවේගය තුළ ලබාදෙන තනතුර හා ඊට අදාළ වගකීම් වලට 43 සේනාංකයද බද්ධ කොට එය සමගි ජන බලවේගයේ ම කොටසක් ලෙස පවත්වාගෙන යෑම පිළිබඳ යෝජනාවක් පාඨලී චම්පික රණවක මහතා වෙත ඉදිරිපත් කොට තිබේ.

එම යෝජනාවට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා පවසා ඇත්තේ 43 සේනාංකය සමගි ජන බලවේගය සමග සෘජුව සම්බන්ධ වීමට අකමැති පිරිස් හා බලවේග ඒකරාශී කිරීමට නිර්මාණය කළ එකක් බවය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ද සාකච්ඡාවක් පැවැත්වීමේ අරමුණින් එම සාකච්ඡාව අවසන් වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 February 2021 12:46