May 12, 2024

පාඨලී ‘වියත් මග’ පසුපස යාමට සැරසෙයි! සැලසුම ටිකෙන් ටික එළියට

December 17, 2020

ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පාඨලී චම්පික රණවක මහතා ‘වියත් මග’ වැනි විද්වතුන්ගෙන් යුත් සංවිධානයක් බිහි කිරීමටද සැලසුම් කර තිබේ.

නිදහස් අධ්‍යාපනයෙන් උගත් විද්වතුන් ඒකරාශී කර ගනිමින් මෙම සංවිධානය බිහි කිරීමට සැලසුම් කර ඇත.

මේ අතර ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට සමගි ජන බලවේගයේ උප සභාපති ධුරය ලබාදීමට එම පක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් වන බව වාර්තා වේ.

පාඨලී චම්පික රණවක මහතාට සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක ධුරය ලබාදෙන බවට මාධ්‍ය මගින් ප්‍රකාශ කෙරුණද, එම පක්ෂයේ යෝජිත ව්‍යවස්ථාවේ නියෝජ්‍ය නායක ධුරයක් නොමැති බව සඳහන්.

මේ වනවිට එම පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස් කෙරෙමින් පවතින අතර එය ලබන සතියේ විධායක සභාවට යොමු කර අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

නව පක්ෂ ව්‍යවස්ථාවේ උප සභාපති ධුරයක් පමණක් ඇතුළත් කර ඇත.

පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය මෙන් ඒකාධිපති ව්‍යවස්ථාවක් සමගි ජනබලවේගය සකස් නොකළ යුතු බවයි.

රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සුදුසු ව්‍යවස්ථාවක් සකස් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී වපසරියක් නිර්මාණය කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

Rate this item
(0 votes)