May 15, 2024

මහර රැඳවියන්ට දවස් දෙකක් වෙඩි තියලා අපි නෙවෙයි ආණ්ඩුවේ කමිටුවමයි කියන්නේ - හරීන්

December 11, 2020

මහර බන්ධනාගාරයේ සිදු වූ ගැටුමේදී දින දෙක තුළම රැඳවියන්ට  වෙඩි තබා ඇති බව කමිටු වාර්තාව මඟින් සනාථ වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. 

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

කමිටු වාර්තාවේ සඳහන් පරිදි සිර මැදිරිවල දොර අගුල් කඩා රැඳවියන් 1000ක් පමණ එළියට පැමිණ ඔවුන් උද්ඝෝෂණයක නිරත වී ඇති අතර ඔවුන්ගේ ඉල්ලීම් වී තිබුණේ  ඇප ලබා දී තිබූ රැඳවියන් නිවෙස්වලට යැවීම  ප්‍රමාද වී තිබූ හෙයින් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබා නොගෙන නිවෙස්වලට යවන යැවීම,කොවිඩ් 19 සඳහා සියලුම රැඳවියන්ට PCR පරීක්ෂණ කරන ලෙස, කොවිඩ් 19 රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීම,සහ අනුභවයට සුදුසු ආහාර ලබා දෙන ලෙස යැයි කමිටු වාර්තාවේ සඳහන් වන බව හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. 

එහිදී ''ප්‍රධාන ගේට්ටුව දෙසට රැඳවියන් පැමිණිය නොහැකි ආකාරයට අකුලන ගේට්ටුව වසා ආරක්ෂා කොට රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය නොහැකි අන්දමට රැකවල් යොදා ඇත. රැඳවියන් දෙසට කඳුළු ගෑස් විසිකර ඇත. ගැන්වීමට අහසට වෙඩි තබා රබර් බුලට්වලින්ද  පසුව ජීව උණ්ඩ භාවිතා  කර කලහකාරී තත්ත්වය මර්දනය කිරීමට වෙඩි තබා ඇත.'' යනුවෙන් වාර්තාවේ සඳහන් කර තිබෙන බව මන්ත්‍රීවරයා පැවසුවේය.  

එමෙන්ම බන්ධනාගාරයේ අවි ගබඩාවේ ආයුධ වල වැඩි ආරක්ෂාව සඳහා එම ස්ථානයෙන් පිටතට ගෙන ගොස් සුරක්ෂිත කිරීමටද කටයුතු යොදා ඇති බව වාර්තාවේ දක්වා ඇති බවද ඔහු කියාසිටියේය. 

දෙවෙනි දිනයේත් රැඳවියන් ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති අතර ඔවුන් වතුර ඉල්ලා කෑගසා ඇති බවත් එම අවස්ථාවේදීද පිරිස පාලනය කිරීම සඳහා වෙඩි තැබීම නිසා කිහිප දෙනෙකුට තුවල් සිදු වී ඇති බවද වාර්තාවේ දැක්වෙන බව තවදුරටත් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 December 2020 16:10

Related items