May 13, 2024

බණ්ඩාරනායක මැතිණියගේ ආදර්ශය ගන්න - චම්පිකගෙන් ආණ්ඩුවට යෝජනාවක්

December 03, 2020

ඉන්දියානු සාගර කලාපයේ චීන මැදිහත්වීම නතර කිරීම සඳහා ලොව බලවත් රටවල් 4ක් වන ඇමරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව ඉන්දියානු සාගර කලාපයේ බලගතු මෙහෙයුමක් දියත් කර තිබෙන බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ආරක්ෂක අංශ අය වැය ශීර්ෂයේ විවාදයට එක්වෙමින් පෙන්වා දෙන ලදී.

එය ආසියානු කලාපයේ නේටෝව ලෙස හැඳින්වෙන බව ද මන්ත්‍රීවරයා සදහන් කරයි.

පරණ පුරුද්දට මේ බලගතු රටවල න්‍යාය පත්‍රයට යට වුවහොත් කුඩා රටක් ලෙස මෙරට ස්වෛරීත්වයට බලපෑමක් එල්ල වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එනිසා මෙම බල කඳවුරු අතර ශ්‍රී ලංකාවේ උපාය මාර්ගය විය යුත්තේ මධ්‍යස්ථ උපායමාර්ගයක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ දී ඉන්දියානු සාගර කලාපය සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන ගිය ප්‍රතිපත්තිය වර්තමාන පාලකයන් අනුගමනය කළ යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 December 2020 15:09