May 21, 2024

ජනපති රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නා හිමි බැහැ දකී

November 27, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවේය.

උන්වහන්සේ වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත අද (27) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා අභිනව මහා නා හිමියන් වෙත සිය සුභාශිංසන පුද කළේය.

ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදු වන සේවය අගය කළ ජනාධිපතිතුමා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත්, රජයේත් පූර්ණ සහය ලැබෙන බව පැවසිය.

මහානායක හිමියන්ට චිර ජීවනය ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා විශේෂ සටහනක් සමග සමරු සටහන් පොතේ අත්සන් තැබීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමි ඇතුළු මහා සංඝරත්නය කිහිප නමක් මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.

Rate this item
(0 votes)

Related items