May 16, 2024

හපුතලේ ගල්කන්ද වත්තේ නායයාමක් - පවුල් 16 ක් ඉවත් කරයි

November 19, 2020

පවතින ධාරානිපාත වර්ෂාව සමඟ හපුතලේ ගල්කන්ද වත්තේ අද (19) සවස සිදුවූ නායයාමකින් පසු ඒ ආසන්නයේ අවදානම් ස්ථානවල පදිංචි පවුල් 16ක්  ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව හපුතලේ  ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පැවසීය.

ඉවත් කළ පවුල් 16 ක සාමාජිකයින් 70ක්  හපුතලේ දඹේතැන්න අංක 3 දෙමළ මහා විදුහලේ තාවකාලිකව රඳවා ඇතැයි ද ඒ මහතා කීය.

කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබීම මෙම නාය යාමට හේතුව බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරියෙක් පැවැසීය.

අවශ්‍ය සහන ලබාදීමට සහ ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

Rate this item
(0 votes)