May 18, 2024

60න් විශ්‍රාම යන තීරණයට මම පුද්ගලිකව එකඟයි - හැබැයි එය සේවකයන්ගේ කැමැත්තට විය යුතුයි

November 19, 2020

පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රාජ්‍ය සේවකයන්ට මෙන් අවුරුදු 60න් විශ්‍රාම යාමට රජය ගෙන තිබෙන තීරණය පෞද්ගලිකවම තමා අගය කරන බව සමඟි ජනබලවේග මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

එහෙත් එය සේවකයන්ගේ කැමැත්තට අනුව තීරණය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම තීන්දුවෙන් අවුරුදු 55න් විශ්‍රාම යාමට සිටින සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල් සඳහා ප්‍රශ්න ඇති නොවිය යුතු බවද වික්‍රමරත්න මහතා  වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)