May 19, 2024

බෝගම්බරින් පැනගිය රැඳවියා අත්අඩංගුවට - වහාම නිරෝධායනයට යවයි

November 18, 2020

පැරණි බෝගම්බර  බන්ධනාගාරයෙන් පැනගිය රැඳවියා මහනුවර නගරයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන දින 14 ක් නිරෝධායනය කිරීමට කටයුතු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

මේ අතර මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ දැරු රැඳවියෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෑගල්ල සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශනය සිදුකෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමුකර සිටි රැඳවියන් පස් දෙනෙකු ඊයේ (17) රාත්‍රීයේ බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ දරා තිබුණි.

එහිදී රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාර නිලධාරින්ගේ භාරයට ගෙන ඇති අතර එක් අයෙකු පළාගොස් තිබුණි.

පළායෑමට උත්සහ දැරු තවත් රැඳවියෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී මියගොස් ඇති බව වාර්තා විය.

අදාළ රැඳවියන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අය වෙයි.

Rate this item
(0 votes)