May 02, 2024

රටේ දැවැන්ත හස්තය බැසිල් රාජපක්‍ෂයි - ඔහු පාර්ලිමේන්තු ආ යුතුයි

November 16, 2020

බැසිල් රාජපක්ෂ මහතා කලබලේ පාර්ලිමේන්තුවට නොයෙන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි රත්නායක මහතා පැවසිය.

ගිනිගත්හේන ප්‍රදේශයේ සංවර්ධන කටයුතු රාශ්‍රියක් ආරම්භ කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් සි.බි රත්නායක අමාත්‍යවරයා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් සි.බි.රත්නායක මහතා මෙසේ කියා සිටියේය.

"විපක්ෂයට  ඉතින් කියන්න දෙයක් නැනේ , විපක්ෂය හැමදාම ෆේල්නේ. පාට පක්ෂ  බේදයක් නැ ජනතාවගේ ජිවිත සමග තමයි අපි කටයුතු කරන්නේ. එ නිසා කොවිඩ් වෛරසය දමනය කරන්න අපි කටයුතු කරන්න ඕනි. කොවිඩ් පළමු රැල්ලේ නුවරඑලියේ අසාදිත ප්‍රතිශය 0% යි. නමුත් දැන් කොවිඩ් රෝගින් ඉන්නවා 68 ක්. මිනිස්සු පරිස්සම් නොවුන එකත් මෙතෙන තියෙනවා , සංචරණය වෙනකොට වෛරසය උඩු දුවනවා. එ නිසා මේක පාස් ද ෆෙල් ද , ඒ ගැනි එක්ක හිටියා එවා නෙවෙයි කතා කරන්න අවශ්‍යය වෙන්නේ. රටට අවශ්‍යය සෞඛ්‍යය සම්පන්න දරු පිරිසක් බිහි කිරිමේදි , අරමුණු කර ගන්න ඕනි බලය ලබා ගැනිමට නෙවෙයි.සම්මත ජාතියකට විපක්ෂයට මැතකදි බලයක් එන්නේ නැනේ. අපිත් අවු 5 ක් හිටියනේ විපක්ෂයේ. මල මිනි මිහිදන් කරන්න ආණ්ඩුව තවම අවසර දිලා නැ , අපි කැබ්නට් එකේ සාකච්ඡාවට නතු වුණා. සාකච්ඡාවේදි ඉල්ලිමක් කරා ජනාධිපතිතුමා එකට කිසිසේත් ඉඩ දෙන්න බැහැ කියලා. හුදකලා වුණ ජන ශුනය ප්‍රදේශයකට යන්න පුළුවන් , හැබැයි සෞඛ්‍යය අමාත්‍යංශය විසින් තමයි නිර්දේශ කරන්න ඕනි , ඒක සෞඛ්‍යය අමාත්‍යංශයට දෙමු කියලා. නිරෝධායන කරන අයට රු දස දහසක් ලබා දෙන්න ඕනි , හුදකලා වුණ ප්‍රදේශවලට රු පන්දහසක් දෙන්න ඕනි. මේවා රටේ සමාජිකයන්ගේ මුදල්. ඇදිරි නිතිය දාන්න දාන්න කිව්වා දැම්මට පස්සේ ජනතාවට කන්න නැ කියනවා. හම්බ කරන සල්ලි පෙට්ටිවල දාගෙන යනවද? මේ ගැන ප්‍රායෝගිකව හිතලා කටයුතු කරන්න ඕනි. අපි මිල පාලනයක් කරලා තියෙනවා , මිල පලනය නොකරන අයට වැටලිමක් සිදු කරන්න ඕනි. කොරෝනා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දලා කටයුතු කරන්නේ. කාර්යයාල වල සමස්ථයෙන් අඩක් වගේ තමයි වැඩට එන්නේ. එ නිසා මේක දුවා ගන්න අමාරුයි ප්‍රායෝගිකව හිතන්න ඕනි. මගේ අමාත්‍යංශයෙත් ½ තමයි වැඩට එන්නේ , ලිපියක් යවන්නත් පොඩි ප්‍රශ්න තියෙනවා. ටික දවසක් ගියාම අපි මේක නිවැරදි තැනට ගේනවා. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එනව නම් මමත් කැමති, නමුත් එතුමා කලබලේ එන්නේ නැහැ. රටේ දැවැන්ත හස්තය , මේ ආණ්ඩුව ගෙන්න , මැතිවරණ ගණනාවක් දිනවන්න , පිටිපස්සෙන් හිටිය කෙනා තමයි බැසිල් රාජපක්ෂ" යනුවෙන් පැවසිය.

(රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)