කොරෝනා ව්‍යසනය හමුවේ අපේ රට බේරගන්න අධ්‍යාත්මික නායකත්වයක් රටට අවශ්‍යයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය.
විජේවර්ධන මහතා එසේ පැවසුවේ වාද්දුව ශ්‍රී සමුද්‍ර රාමයේ බෝධීන් වහන්සේ වටා රුපියල් ලක්ෂ 15 ක ප්‍රතිපාදන මත ඉදි වූ රන් වැට විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
එහිදී රුවන් විජේවර්ධන මහතා මෙසේ පැවසීය.
"ස්වාමීන් වහන්සේලාගේ නායකත්වය වගේම බුද්ධ ධර්මයේ ආරක්ෂාව අවශ්‍ය වෙලා තියෙනවා මේ රට බේරගන්න. දෙවැනි කොරෝනා රැල්ලක් ආයෙත් ආවොත් මැඩපැවැත්වීමට අමාරුයි කියලා එදා රනිල් වික්‍රමසිංහ අගමැති තුමා සමග කළ සාකච්ඡාවේ දී කිව්වා.දැන් ඒක ඇත්ත වෙලා. රට පුරාම මේ ව්‍යසනය පැතිරිලා තියෙනවා. අප කළ යුත්තේ දේශපාලන වශයෙන් බෙදිලා වෙන් වෙලා ඉන්න එක නෙමෙයි.අප සියලු දෙනාම එකතු වෙන්න අවශ්‍යයි. අපේ ස්වාමීන් වහන්සේලා ගේ නායකත්වය ඇත්ත වශයෙන්ම දැන් අත්‍යාවශ්‍යම වෙලා තියෙනවා."
මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, අර්ජුන රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න, නවීන් දිසානායක මහත්වරු ද සහභාගි වූහ.
කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක, වාද්දුව සමුද්‍ර්රාමයේ විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර, කළුතර දිසා සාසනාරක්ෂක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ගෝනදූව ගුණානන්ද මහනාහිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.