May 02, 2024

පවිත්‍රා ඇමතිතුමිය සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ මත ගැටෙන්නේ කොරෝනා පාලනයෙන් ගිලිහි ඇති නිසාද?

November 10, 2020

දෙවෙනි කොරෝනා රැල්ලෙන් පසු සෞඛ්‍ය අංශ බලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රකාශ එකිනෙකට නොගැලපෙන්නේ මේ වන විට කොරෝනා පාලනය රජයේ පාලනයෙන් ගිලිහි ඇති නිසාදැයි යන්න සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විමසා සිටියේය. 

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (09) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

එලෙස පරස්පර ප්‍රකාශ කරමින් හිදින්නේ තම තමන්ගේ වපසරිය තුළ ආරක්ෂා වීමටද යන කාරණය මතුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී. 

''දෙවෙනි කොරෝනා රැල්ල නිර්මාණය වෙලා අදට මාසයකුත් දින කිහිපයකුත් ගතවෙලා තිබෙනවා. මාසයයි දවස් පහක කාල සීමාව යනකොට එක එක ආකාරයේ ප්‍රකාශ දකින්න ලැබෙනවා. ඒවා හුදු එදා දවස බේරෙන්න කරන ප්‍රකාශ වගේ. සෞඛ්‍ය ඇමතිතුමිය ගත්තොත් එතුමිය හැමදාම ප්‍රකාශ කරන්නේ එතුමියගේ එදා දවස බේරෙන්න. වසංගත රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය පාලන ඒකකයේ සුදත් සමරවීර මහත්මයා ප්‍රකාශයක් කරනවා. එකම රුපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්තිවල අපි දකිනවා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ වගේ මහත්වරු තව වෙන වෙන ප්‍රකාශ කරනවා. රසායනාගාර පර්යේෂණ ඒකකයේ සභාපති රවී කුමුදේශ මහත්මයා තව ප්‍රකාශයක් කරනවා. මේ ඔක්කොම අහගෙන ඉදලා ඊයේ පෙරේද මම දැක්කා ආයුර්වේද සංගමයේ ප්‍රධාන වෛද්‍ය  නිලධාරියා තව ප්‍රකාශයක් කරනවා. මේ හැම නිලධාරියෙක්ම රජයේ ප්‍රධාන නිලධාරින්.  එක එක  තැන්වල විවිධ ප්‍රකාශ කරනවා. ඒ එක ප්‍රකාශයක්වත් සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රකාශය හා ගැළපෙන්නේ නැහැ. මම අහනවා ඇත්තටම රජයට  මේක මේ වෙනකොට පාලනයෙන් ගිලිහිලා අපිට මේක කරගන්න බැහැ  කියල එක එක එක්කෙනාට ඕන දේවල කරගෙන යන්න දීල තියෙනවද කියලා.  එහෙම නැතනම්  මේ ප්‍රකාශ හරහා තමන්ව බේරෙන්න  තමන්ගේ වපසරිය තුළ ආරක්ෂා වෙන්න කටයුතු කරනවද කියල.'' යනුවෙන් මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 November 2020 18:14

Related items