May 15, 2024

සමගි ජන බලවේගය තුළ ඔය ආගමික කල්ලියේ කවුරුත් නෑ - හරින් ප්‍රනාන්දු Featured

November 09, 2020

සමගි ජන බලවේගය තුළ සිටින කිසිවකුටත් බෝනගේන් ආගමික කල්ලියට සම්බන්ධ නැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කතෝලිකයෙකු වන හරින් ප්‍රනාන්දු මහතා මේ බැව් සදහන් කරන්නේ සමගි ජන බලවේගය තුළ එම ආගමික කල්ලියේ පිරිස් සිටින බවට නැගෙන චෝදනාවට පිළිතුරු ලෙසය.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම කල්ලියට අයත් නැති ඉතා හොඳ බෞද්ධයකු බව ද හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

සමගි ජන බලවේගය තුළ මෙම ආගමික කල්ලියේ බලපෑම තදින්ම තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 November 2020 21:52

Related items