May 14, 2024

බ්‍රැන්ඩික්ස් පොකුර උවමනාවෙන්ම රටට ඇතුල් කළ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් - දයාසිරි ජයසේකර

බ්‍රැන්ඩික්ස් කොවිඩ් 19 පොකුර උවමනාවෙන්ම රටට ඇතුල් කළ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවට රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ.

පළමු කොවිඩ් රැල්ල ඉතා සාර්ථකව ශ්‍රී ලංකාව විසින් මැඩ පැවැත්වීම ලොව බොහෝ රටවල ප්‍රසාදයට හේතු වුවද ඊට ඇතැම් රටවල් වල බරපතළ අකමැත්තක් තිබූ බවද ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

බ්‍රැන්ඩික්ස් කොවිඩ් 19 රැල්ල 39 දෙනෙකු දක්වා වර්ධනය වන තෙක් ඊට සම්බන්ධ මෙරට සෞඛ්‍ය අංශවල කිසිවෙකු නොදැන සිටියේ කෙසේ දැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

රට අස්ථාවර කිරීම සඳහා පසුගිය වර්ෂයේ අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ දෙවන අදියර මෙම බ්‍රැන්ඩික්ස් කොවිඩ් 19 පොකුර ජය ගත් බව ජයසේකර මහතා හඳුන්වා දෙයි.

Rate this item
(0 votes)

Related items