May 14, 2024

20ට පක්ෂව ජන්ද 158ක් අපට තිබෙනවා - ශ්‍රීලනිප මහ ලේකම්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව අද (22) ජන්ද 158ක් ලබා ගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අනාවරණය කරයි.

පොදුජන පෙරමුණ ආණ්ඩුව තුල සිටින ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමේ සහය 20 වන සංශෝධනයට පක්ෂව ලබා දෙන බවද මහා ලේකම්වරයා සඳහන් කරයි.

දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පල කලේ නාරාහේන්පිට අභයාරාමයේදී පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පුජ්‍ය අල්ලේ ගුණවංශ හිමි ප්‍රමුඛ =මහා සංඝරත්නය බැහැ දැකීමෙන් අනතුරුවය.

පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානගත පක්ෂවලට පාර්ලිමේන්තුව තුල හිමිව තිබෙන්නේ මන්ත්‍රී ධූර 150ක් වන අතර කතානායකවරයා ස්වාධින වූ විට හිමි වන්නේ මන්ත්‍රී ධුර 149කි.

Rate this item
(0 votes)

Related items