May 15, 2024

පොල් ගෙඩියේ වට ප්‍රමාණය අපේ ප්‍රශ්නයක් නෙවෙයි - ඇමති බන්දුලගේ පිටින්ම යවයි

පොල් ගෙඩියේ වට ප්‍රමාණයට අනුව මිල නියම කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කළ යුත්තේ විෂය භාර අමාත්‍යවරයා හා පාරිභෝගික සේවා අධිකාරිය බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙන්ම සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා ද පෙන්වා දෙයි.

මේ දෙපළ එසේ ප්‍රකාශ කරන ලද්දේ පොල් ගෙඩියේ වට ප්‍රමාණයට අනුව මිල නියම කිරීමේ නව හඳුන්වා දීම මේ වන විට පාරිභෝගිකයන් අතර විහිළුවට ලක් වී තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි සංශෝධන කුමක්දැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ය.

පාරිභෝගික සේවා අධිකාරිය අයත් වන්නේ බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය ධූරය දරන වෙළඳ අමාත්‍යාංශයටය.

ඉකුත් 26 වෙනිදා පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රිකාවක් මගින් පොල් ගෙඩියේ මිල වට ප්‍රමාණයට අනුව නියම කිරීමේ නව නීතියක් හඳුන්වා දෙන ලදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 September 2020 15:43