සමගි තරුණ බලවේගය නියෝජනය කරන රසික ජයකොඩි සහ නාගරික මන්ත්‍රීනි නීතිඥ ලිහිණි ප්‍රනාන්දු යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද ගොනු කළහ.
යෝජිත සංශෝධනයේ ඇතුළත් කරුණු ගණනාවක් මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 වගන්ති උල්ලංඝණය කෙරෙන බවට ඔවුන් සිය පෙත්සම් හරහා අධිකරණයට කරුණු ඉදිරිපත් කොට තිබේ.
සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකාණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර ඊයේ දවස තුළ පමණක් පාර්ශව 6ක් 20වැනි සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කොට තිබිණි.