May 14, 2024

රාජ්‍ය සේවය කණපිට හරවන්න යයි - බැසිල්ගෙන් සැලසුමක්

සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුකරවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මෙරට ශ්‍රම බලකාය කළමනාකරණය ද සිදුකළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙරට අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේ දී ශ්‍රම බලකාය අරමුණු කරගත යුතු බව ද ඔහු සඳහන් කළේය.

යටිතල පහසුකම් සංවර්ධනයට සීමා නොවී පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සඳහා රාජ්‍ය ආයතන එක්රැස් කරගන්නා දත්ත සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවිය යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.  

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (15) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Rate this item
(1 Vote)