May 19, 2024

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

මෙම මස 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

කෙසේවෙතත් අද (12) සහ හෙට (13) යන දිනවල මාලදිවයිනේ සහ ජෝර්දානයේ සිට පැමිණීමට නියමිත ශ්‍රී ලාංකිකයින් සුපුරුදු පරිදි ගෙන්වා ගැනීම සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)