ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා අපේක්ෂක ධූර 56ක් ඉල්ලා සිටි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා අනාවරණය කරයි.
එහෙත් සන්ධානගතව සිටින පොදුජන පෙරමුණ ලබා දුන්නේ අපේක්ෂක ධූර 26ක් බවද පෙන්වා දෙන ඔහු එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අත්සන් කළ එකඟතාවයට පටහැනි බවද ඔහු ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරණයට පෙර එවකට පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා තමා අත්සන් කළ එකඟතාවයට අනුව පොදුජන පෙරමුණු අපේක්ෂක සංඛ්‍යාවෙන් 30%ක් ශ්‍රීලනිපයට ලැබිය යුතුව තිබුණු බවද ඔහු සඳහන් කරයි.